සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

බැරල්වලට සහ බූලී ඉන්ධන නිකුත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාව පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින් විසින් අත්තනෝමතික ලෙස බැරල්වලට සහ බූලිවලට ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශී වෙමින් අනවශ්‍ය තදබදයක් හෝ පෝලිම් ඇති කරමින් කටයුතු කරන බව වාර්තා වී ඇති හෙයින් මෙම පියවර ගත් බවයි.

මේ අනුව මෙම තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී තිබෙනවා.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය පිළිබඳව දැඩි විනයානුකූල පියවර ගන්නා බවද එම සංස්ථාව සඳහන් කරනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවයි.

Tags