සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

විදේශිකයින්ට නිකුත් කරන රියදුරු බලපත්‍ර ගාස්තුව ඉහළට?

ගුවන් තොටුපොළේ දී විදේශිකයන්ට නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා අයකරන ගාස්තුව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මේ වන විට එම ගාස්තුව රුපියල් 2000ක් වන බවයි.

මෙරටට පැමිණෙන විදේශිකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් කටුනායක ගුවන්තොටුපොළේ දී රියදුරු බලපත්‍ර ලබාදීමේ කවුළුවක් පසුගියදා විවෘත කළා.

මෙමඟින් රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ දී විදේශිකයින්ට ඩොලර්වලින් ගණුදෙනු කිරීමේ පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Tags