සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සංචාරකයින්ට ගුවන්තොටුපොළේදීම රියදුරු බලපත්‍රය

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේ දීම තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් අගෝස්තු මස සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කියා සිටියේ මේ වන විට එම වැඩපිළිවෙල අවසන් අදියරේ පසුවන බවයි.

ඊට අදාළ තවත් නීතිමය කටයුතු කිහිපයක් සිදු කිරීමට නියමිත අතර එය අවසන් වීමෙන් පසුව මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකි බවද ඔහු සඳහන් කළා.

දින 14 සහ 30 යන කාල සීමාවක් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

තවද වැඩි කාලයක් සඳහා දිවයිනේ රැඳී සිටින සංචාරකයින්ට වසර 8ක් සඳහා ලබාදෙන රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Tags