දේශීය පුවත්
රන් අලේපිත ගිනිඅවි සිද්ධිය ගැන ගල්කිස්ස අධිකරණයෙන් දුමින්ද දුන් තීන්දුව
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දීයි.
මෙහිදී නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බවද ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහතා නියෝග කර ඇති බව සඳහන්.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වනදා අත්අඩංගුවට ගැනුණා.
පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කෙරුණා.
පසුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබුවා.
