දේශීය පුවත්
මහනුවර ඇසළ පෙරහැර ලබන 30 වනදා සිට
මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25 වනදා දින සිට ආරම්භ කිරීමට නියමිත තිබෙනවා.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ ජුලි මස 25 වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.
ජුලි මස 30 වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර විථි සංචාරය කිරීමට නියමිත තිබෙනවා.
මෙවර පෙරහැර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටළුවක් වී ඇති බවද දියවඩන නිළමේ සඳහන් කළා.
