දේශීය පුවත්
දළදා ප්රදර්ශනය සම්බන්ධයෙන් පැතිරෙන ව්‍යාජ නිවේදනයක් පිළිබද දැනුම්දීමක්!
එළඹෙන අප්රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්රී දළදා ප්රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ව්යාජ දැන්වීමක් පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ශ්රී දළදා ප්රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකරන ලෙසත් අදාළ ව්යාජ නිවේදනයේ සදහන් වනවා.
මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්යාජ බවත් ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්ය සියලු පහසුකම් ශ්රී දළදා මාලිගාව හා රජය විසින් සම්පාදනය කරනු ලබන බවත් සදහන්.
ශ්රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාර පාර්ශවයකට අරමුදල් රැස් කිරීමට හෝ වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව වැඩිදුරටත් සඳහන් වනවා.
