සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සැප්තැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 695.7ක්

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක ප්‍රමාණයක් රටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

මහ බැංකුව පෙන්වා දී ඇත්තේ, 2024 සැප්තැම්බර් මාසයේ ලැබුණු ඩොලර් මිලියන 555.6කට සාපේක්ෂව මෙය ඩොලර් මිලියන 140.1ක වර්ධනයක් බවය.

එසේම, මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමස්ත විදෙස් ප්‍රේෂණ මුදල ඩොලර් මිලියන 5,811.7ක් වන අතර, ගිය වසරේ එම කාලය තුළ එම ප්‍රමාණය ඩොලර් මිලියන 4,843.8ක් ලෙස වාර්තා වී තිබේ.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, සැප්තැම්බර් මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 182.9ක් බවත්, වසරේ පළමු නව මාසය තුළ එම ආදායම ඩොලර් මිලියන 738.4ක් බවත්ය.

Tags