සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පුත්‍රයාට වෙඩි තැබීමට උත්සහා කළ පියෙකු අත්අඩංගුවට

අරච්චිකට්ටුව ප්‍රදේශයේ පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සහා කළ පියෙකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිස්තෝලයක් අතැතිව සිටින පුද්ගලයෙකු පිළිබඳව ලැබුණු දුරකතන තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පවසන්නේ, සැකකරු මීට වසර 35කට පෙර පවුල අතහැර වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගිය පුද්ගලයෙකු වන අතර, ඒ අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයාට වයස අවුරුදු හතරක් පමණ වූ බවයි.

වෙඩි තැබීමට උත්සහා කළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අත්අඩංගුවට ගත් පිස්තෝලය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් බව ද පොලිසිය පැවසීය.

සැකකරු සඳහන් කළේ, වසර 15කට පෙර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිටි දාමරිකයෙකු විසින් මෙම ගිනිඅවිය තමාට ලබා දුන් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනිඅවිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags