දේශීය පුවත්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ටැංකියක ගින්නක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) සවස ගින්නක් ඇතිව තිබෙනවා.
සපුගස්කන්ද පොලීසිය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක මේ වන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.
ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බව සඳහන්.
ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමු කර තිබෙනවා.
