දේශීය පුවත්
කඩවත ප්‍රදේශයේ ගිනි ගැනීමක්
කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් එම වෙළෙඳ සැළ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට ගින්න මැඩ පැවත්වීම සඳහා ගම්පහ සහ කොළඹ ගිනි නිවීමේ රථ පැමිණ තිබෙනවා.
ගිනි ගන්නා ස්ථානයේ දේපළ ආරක්ෂාව සඳහා කඩවත සහ ඇල්දෙනිය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පැමිණ ඇති බවද වාර්තා වනවා.
ගින්න හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක් ද නිර්මාණය වී තිබෙනවා.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත්තේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හැකිතාක් කඩවත නගර මධ්‍යට පැමිණෙන රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
