දේශීය පුවත්
අනුරාධපුර වෛද්‍යවරිය දූෂණයට ලක් කළ සැකකරුට ඇප
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ සැකකරුට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමට නියෝග කර තිබේ.
පසුගිය සිකුරාදා දින රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත සැකකරුට ඇප ලබාදී තිබුණද, පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අත්බෝම්බයක් හමුවීමත් සමඟ ඔහුව නැවත අත්අඩංගුවට ගෙන මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම සිද්ධිය මාර්තු මස 11 වනදා රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නිල නිවාස ප්‍රදේශයේදී සිදුවූ අතර, එහිදී වෛද්‍යවරිය තනිව සිටි අවස්ථාවේ නාඳුනන පුද්ගලයෙකු ඇයට පහර දී බියගන්වා දූෂණයට ලක්කර තිබේ.
පරීක්ෂණවලට අනුව සැකකරු විසින් පිහියකින් පෙන්වා, වෛද්‍යවරියගේ මුඛය සහ දෑත් බැඳ දරුණු ලෙස දූෂණයට ලක්කර ඇති බව හෙළිවී ඇත.
සිද්ධියෙන් පසු සැකකරු වෛද්‍යවරියගේ ජංගම දුරකථනය රැගෙන පලා ගොස් තිබූ අතර, පසුව වෛද්‍යවරිය රෝහල් වාට්ටුවට පැමිණ තම පියා අමතා සිදුවීම දැනුම් දී ඇත.
පොලිසිය අනුව, සැකකරු යුද හමුදා සේවයෙන් පලා ගොස් සිටි කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නම් පුද්ගලයෙකි. ඔහු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, චීවරධාරියෙකු ලෙස සිට ඇති බවද හෙළිවී ඇත.
පසුව පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී පීඩාවට ලක් වූ වෛද්‍යවරිය විසින් සැකකරු හඳුනාගෙන ඇති බව පරික්ෂණවලින් තහවුරු වී ඇත.
