දේශීය පුවත්
කොටු කැපීම නමින් නීති විරෝධී සූදුවක්
කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්රදේශවල ක්රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරන අතර, නීත්යානුකූල නොවන අයුරින් මුදල් එකතු කෙරෙන මෙම ක්රීඩාවේ හවුල්කරුවෙකු නොවන ලෙසට ඔවුන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් නීති විරෝධී ලෙස කොටු කැපීම නමැති මෙම සූදුව ක්රියාත්මක කරන බවත්, මෙම සූදුවට මේ වන විට මහජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ලොතරැයි මණ්ඩලය සඳහන් කරනවා.
ඔවුන් විසින් සිදු කරන වැටලීම් වලින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දඬුවම් පනවා ඇති බවටයි ලොතරැයි මණ්ඩලය නිකුත් කර තිබෙන නිවේදනයේ සඳහන් වන්නේ.
