දේශීය පුවත්
හිටපු අමාත්‍ය රාජිත රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මහතා අද (29) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.
මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙසයි.
