සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ජනාධිපති රනිල් පළමුවරට මාධ්‍ය අමතයි

අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රෝහල් ගත වූ අවස්ථාවේ සිට මේ දක්වා තමන් වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අද (01) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුදකර සිටින බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඊට පසු අවස්ථාවේදී සියලු පාර්ශව හමුවීමට තම අදහස් කරන බවයි.

Tags