සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

කහවත්ත යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රියේ පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් තිබුණා.

අනතුරුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවද පොලීසිය පැවසුවා.

කුමන හේතුවක් මත කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකලේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Tags