දේශීය පුවත්
අද සිට දකුණු පළාතේ රථවාහන දඩ මුදල් Gov Pay හරහා
අද (20) සිට දකුණු පළාතේ රථවාහන දඩ මුදල් Gov Pay පද්ධතිය හරහා ගෙවිය හැකි බව ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි.
මෙම පහසුකම දැනට බස්නාහිර සහ දකුණු පළාත ආවරණය කර ඇති අතර, දකුණු පළාතේ පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී තිබේ. ඉදිරියේදී මෙම ක්‍රමය උතුරු පළාතටද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, වසර අවසානයට පෙර සියලුම පළාත් ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.
Gov Pay හරහා මෙම ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසය සිට මේ දක්වා, ආයතන 170ක් සම්බන්ධ වී රුපියල් මිලියන 400ට අධික ගෙවීම් සිදුකර ඇති අතර, දැනට බස්නාහිර පළාතෙන් රථවාහන වැරදි 20,000ක් සඳහා රු. මිලියන 30ට ආසන්න දඩ මුදල් එකතු වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
අදියර දෙවැනි ක්‍රියාවලියෙන් අකුසලතා ක්‍රමවේද හඳුන්වාදීම සහ තැපැල් දෙපාර්තමේන්තුව හා රථවාහන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ICTA නියෝජිතයා පැවසීය.
