සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වන අලින් ගම් වැදීම නිසා පීඩාවට පත්වූ පවුල්වල දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර​

වන අලින් ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්යාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් රැස්වුණු ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
 
වන අලීන් නිසා ජීවිත හානි වූ හෝ තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් සඳහා මෙහිදී ප්රමුඛතාව හිමි වන අතර වන අලි ගම් වැදීම හේතුවෙන් දේපළ සහ වගා හානි සිදුවූ පවුලක දරුවන් හටද ඊට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.
 
මෙම වැඩසටහන මගින් පවුල් ඒකකයක 1 ශ්රේණියේ සිට 11 ශ්රේණිය දක්වා අධ්යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්රේණිවල අධ්යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා රුපියල් 5,000ක් බැගින් උපරිම මාස 12ක කාල සීමාවක් සඳහාද ආදී වශයෙන් 2025 අප්රේල් 01 වන දා සිට මෙම මූල්යාධාරය ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.
 
අදාළ​ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුසුකම් සපුරාලන පවුල්වල දරුවන්ගේ විස්තර ලබා ගෙන සිය පෞද්ගලික අධීක්ෂණය යටතේ නිර්දේශයද සහිතව අදාළ අයදුම්පත් නොපමාව ජනාධිපති අරමුදලේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙස සියලුම ප්රදේශීය ලේකම්වරුන් එහිදී දැනුවත් කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්.
Tags