සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අල්ලස් කොමිසම හමුවේ හරීන් පැය 3ක ප්‍රකාශයක් ලබාදෙයි

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (18) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා.

ඔහු මෙලෙස පෙනී සිටියේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහායි.

යහපාලන රජය සමයේ හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධූරය දරනු ලැබුවා.

අල්ලස් කොමිසම තහවුරු කළේ ඔහු එම පරිශ්‍රයෙන් පිටව යාමට පෙර පැය තුනකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන් බවයි.

Tags