දේශීය පුවත්
ඥාණක්කාගේ අනුරාධපුරයේ දේවාලය සාදා ගැනීමට රුපියල් මිලියන 28ක්
2022 අරගලය කාලසීමාවේදී විනාශ වූ බව කියන නිවාස සහ දේපල සඳහා වන්දි ලබාදීමට තවත් රුපියල් මිලියන 1,125ක් පසුගිය රජය විසින් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස පවසනවා.
මෙය දේශපාලනඥයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති රු. මිලියන 1,221 ක මුදලට අතිරේකව ගෙවා ඇති බවත් ගෝඨාභය පාලන සමයේ ඔහුගේ යන්ත්ර මන්ත්ර කටයුතු සඳහා ප්රසිද්ධියක් ඉසිලූ ඥානක්කා නම් කාන්තාවගේ අනුරාධපුර දේවාලය පිළිසකර කර ගැනීමට ද රුපියල් මිලියන 28ක් ගෙවා තිබෙන බවත් සඳහන්.
කෙසේ වෙතත් මෙම වන්දි ලබාදුන් මුදල් ප්රමාණයන් හෙළිදරව් කිරීමෙන් පමණක් නොනැවතී ඒවා නැවත අයකර ගැනීමේ ක්රමවේදයක් සම්බන්ධයෙන් ද සොයාබැලීමට රජය උත්සුක වියයුතු බව ජනතාවගේ අදහස වී තිබෙනවා.
