දේශීය පුවත්
ජගත් විතානගේ පුත් අත්අඩංගුවට ගත් ඇත්ත හේතුව මෙන්න
සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා විසින් භාවිතා කරමින් සිටි නීති විරෝධීව ගෙන්වන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ වාහනයක් සමග එම පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක අංශය විසින් (19) ඊයේ සවස මතුගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම ඒකකය සඳහන් කළේ මෙරටට ආනයනය කළ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
මෙම ජීප් රථය කොටස් එකලස් කළ එකක් බවත් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක අංශය විමර්ශන වැඩිදුර ක්‍රියාත්මක කරනු ලබනවා.
