සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මෙතරම් සංවාදයක් ඇතිවීම පිළිබදව සතුටුයි – අගමැතිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉස්තරම්ම අයුරින් ක්‍රියාත්මක කිරීමට නම් පන්ති කාමරයක සිටිය යුතු ළමුන් ගණන 25ත් 30ත් අතර ගණනක් විය යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය පිළිබද දකුණු පළාතේ අධ්‍යාපන බලධාරින් දැනුවත් කිරීම සඳහා ගාල්ල ලබුදූව දක්ෂිණපාය ශ්‍රවනාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

“ළමුන් 30ට වඩා ඉන්න පංතිකාමර ගැනත් තින්දු තීරණ ගැනිමට සිදුවෙනවා. ගුරුවරයාට දරුවා හඳුනා ගැනිමට හැකිවන අයුරින් මෙන්ම ගුරුවරයාට දරුවාට අවශ්‍ය මගපෙන්වීම කිරිමට අන්තර් සම්බන්දතා හරහා අධ්‍යාපනය මගින් ලබාගත යුතු අත්දැකිම් ලබාගැනීමට නම් පංතිකාමරයට සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 30 ඉලක්කයට යායුතු වෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉස්තරම්ම විදියට ක්‍රියාත්මක කිරීමට නම් පංතියක සිටිය යුතු ළමයි සංඛ්‍යාව විසිපහක් තිහක් අතර සංඛ්‍යාවක් වෙනවා. ඒ මට්ටමට යන්න අපි පාසල් පද්ධතිය සකස් කරණවා. ඒ අනුව ළමුන් 50ට අඩු පාසල්වල විය යුතු වෙනස්කම් ගැන සාකච්ඡා කරන්න වෙනවා.

අධ්‍යාපනයේ දි අපි සියලු තීන්දු තිරණ ගන්නේ දරුවන්ට හොඳම අධ්‍යාපනය දියයුතු ක්‍රමවේදය ගැන හිතලා. දරුවන් දහදොළොස් දෙනෙකු ඉන්න පාසලක දරුවන්ට ලැබිය යුතු අත්දැකීම ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ දරුවන් පනහට අඩු පාසල් වහනවා කියන කථාව නෙවෙයි. සමහර පාසල් ගැන අධ්‍යයනයක් කරලා බිමේ තියෙන තත්ත්වය පිළිබඳ බලලා දරුවන්ට ලබාදිය හැකි හොඳම අධ්‍යාපනික අත්දැකිම මත මෙම පාසල් වෙනස් කිරීමට කටයුතු කරනවාද යන්න තිරණය කළයුතුයි .ඒ තින්දු තීරණ මත තමයි ඉදිරියට කටයුතු කරන්නේ.

වෘත්තිය සමිත වලට විශ්ව විද්‍යාල ප්‍රජාවට වෙනත් කණ්ඩායම් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉදිරිපත්කොට සාකච්ඡා කිරීම සදහා සැලසුම්කොට තියෙනවා. මේ ක්‍රියාවලිය ආරම්භය තුළම මෙතරම් සංවාදයක් ඇතිවීම පිළිබද අප සතුටුවෙනවා. ඒ තුලින් පැහැදිලිවෙනවා මෙහි අවශ්‍යතාවය. වැදගත්කම.

මේ තුලින් බලාපොරොත්තුවෙනවා රටට අවශ්‍ය පරිවර්තනය ගෙන එන්න.

ප්‍රශ්න තියෙනවාද? ඔව් අභියෝග තියේවිද ? . මේක ලේසි නැහැ. එත් නොකර ඉන්න පුළුවන්ද? ඒත් බැහැ. කාලයක් තිස්සේ මේ ගැන කථාකළා. දරුවන්ගේ විෂය මාලාව වගේ මෙන්ම දරුවන්ට උගන්වන ගුරුවරුන්ගේ විෂය මලාවන්ද දිගු කාලයකින් වෙනස් වෙලා නැහැ. මොන අභියෝගය ආවත් කෙතරම් දුෂ්කරවුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි. මේක දරුවන් වෙනුවෙන් කළ යුතුයි. හොඳ දේවල් කරණ එක ලේසි නැහැ. පරිවර්තනිය වෙනස්කම් කරණ එක ලේසි නැහැ. දරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් වැඩ කළ යුතුයි.”

Tags