දේශීය පුවත්
වතු කම්කරු වැටුප් වැඩි කිරීම රජයට අභියෝගයක් වෙලා – අමාත්‍ය බිමල් රත්නායක
වතු කම්කරු වැටුප් වැඩි කිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය අඛණ්ඩව මේ සම්බන්ධව මැදිහත් කිරීම් සිදු කරමින් සිටින බවද ඔහු මෙහිදී කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ලාබ ලබන ඩිපෝ සඳහා ඉදිරියේ දී බෝනස් ලබාදීමට කටයුතු කරන බවයි.
