දේශීය පුවත්
ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම ගැන CCTV දර්ශන ඔස්සේ විමර්ශන
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය 10වනදා නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමග පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර, රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් ද පොලීසිය විසින් ද මේ වනවිට විර්මශනයක් ආරම්භ කර ඇත.
