සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සෙව්වන්දි මාලදිවයිනට පලා ගියාද​?

පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා අධිකරණ සංකීර්ණය වෙතට ගිනි අවිය රැගෙන ගිය ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මුහුදු මාර්ගය ඔස්සේ මාලදිවයින වෙතට පලාගොස් ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා.
 
ගණේමුල්ලේ සංජීවට ප්රතිවිරුද්ධ කල්ලියක පාතාල නායකයෙකු විසින් ඇයව මාලදිවයිනට පිටත් කිරීම සඳහා අවශ්ය සියළු කටයුතු එතෙර සිට සම්පාදනය කර ඇතැයි පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.
 
එමෙන්ම සංජීව ඝාතනය සඳහා කමාන්ඩෝ බලගණයේ සෙබළුන් සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටීමද බරපතල තත්ත්වයක් බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. ඝාතනයට සැකපිට මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති කොමාන්ඩෝ සෙබළුන් සිව් දෙනාගෙන් සිදුකල ප්රශ්ණ කිරීම් වලින් අනතුරුව, හිටපු සහ මේ වන විට සක්රීය සේවයේ සිටින කිහිප දෙනෙකුගේ නම්ගම් අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Tags