දේශීය පුවත්
කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් ලබා දී තිබෙන නියෝගය ඉවත් කරන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ මහාධිකරණය විසින් හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ අයට අයත් බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් එම තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.
කෙහෙළිය රඹුක්වැල්ලගේ විශ්රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීම වෙනුවෙන් එවකට රජයෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 959කට අධික වන්දි මුදල තැන්පත් කර තිබෙන පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද මේ යටතේ තහනමට ගෙන තිබෙන බවත් එම ගිණුමට පණවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඔහුගේ නීතිඥවරුන් මහාධිකරණයෙන් එලෙස ඉල්ලීමක් කර තිබෙන බව සදහන්.
එම ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරු ආදිත්ය පටබැදිගේ මහතා එම ඉල්ලීම ප්රතික්ෂේප කරනු ලැබුවා.
