සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ලබන මසදී අරඹනවා – අමාත්‍ය බිමල් රත්නායක

රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එළැඹෙන සැප්තැම්බර් මස සිට ආරම්භ කරන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙහි පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙන් ආරම්භ කරන බවයි.

තවද සැප්තැම්බර් දෙවැනි දින වන්නි ප්‍රදේශයේ මුලතිව් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයේ සංවර්ධන කටයුතු ආරම්භ කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.

“ආණ්ඩුවේ මේ අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන් ජනතාව වෙනුවෙන් විශාල ප්‍රමාණයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලාම ක්‍රියාත්මක කරනවා… එහිදී යාපනයේ මන්ඩතිව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීම ඒ වගේම යාපනයේ කච්චේරිය තුළ පාස්පෝට් ලබා ගැනීම සඳහා යාපනයේ ජනතාවට අතිවිශාල ගැටළුවක් වශයෙන් තිබුණා ඒක විසඳලා ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඒ පහසුකම ලබා දෙන්න ඇතුළු සංවර්ධන කටයුතු රාශ්‍රියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා”

Tags