දේශීය පුවත්
අනතුරුදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහනවලට හෙට සිට නීතිය දැඩිව
අන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන පිළිබඳව හෙට (08) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය සම්බන්ධව මෙහිදී විශේෂ අවධානය යොමු කරන බවයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ දී බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක පිටුපස ගැටී මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටද කඩාගෙන අඩි 1000ක් පමණ පහළ ප්‍රපාතයකට පෙරළී ගියේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ දීයි.
තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ ඥාතීන්ගේ ඇතුළු 32 දෙනෙක් රැගෙන විනෝද චාරිකාවක ගිය බස් රථයක් මෙලෙස අනතුරට ලක්වුණා.
අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර බස් රථයේ සිටි 17 දෙනෙකු තුවාල සිදු වුණා.
