සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වෙන්නපුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේ දී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක්කර පසුව යතුරු පැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇති බවයි.

සිද්ධියෙන් යතුරු පැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියේ පැමිණි දෙදෙනාගේ මියගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නපුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති පොලීසිය පැවසුවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ 2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවයි.

Tags