දේශීය පුවත්
විපක්ෂ නායකවරයා සහ IMF නියෝජිතයින් අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම හමුවේදී, 2025 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි SVAT (Simplified Value Added Tax) පහසුකම ඉවත් කිරීම පිළිබඳ විපක්ෂ නායකවරයා දැඩි අනර්ථය සහ කණගාටුව ප්‍රකාශ කරමින්, එය මෙරට අපනයනකරුවන්ට විශාල හානියක් එල්ල කරන බවද අවධාරණය කළේය.
ඒ අනුව, SVAT පහසුකම වහාම නැවත ප්‍රත්‍යාවර්ත කරන ලෙසත්, එය ඉවත් කිරීමේදී විකල්ප ක්‍රමවේදයක් හෝ ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැතිව සිදු වීම ගැනද විපක්ෂ නායකවරයා IMF නියෝජිතයින් වෙත දැඩි ප්‍රකාශයක් කළේය.
මෙහිදී ඔහු තවත් සඳහන් කළේ, IMF ක්‍රියාවලිය තුළ ගන්නා පියවර රැසක් හේතුවෙන්, දැනටමත් රටේ ජනතාවට බරපතළ සමාජ හා ආර්ථික ගැටළු පැන නැගී ඇති අතර, එමගින් ජනතාව අදික වශයෙන් පීඩා විඳින බවය.
එම නිසා, IMF විසින් මෙරටට උපදෙස් ලබාදීමේදී, වඩා යහපත් හා සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඉතා මහත් වශයෙන් පවතින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව අවධාරණය කර තිබුණා.
