සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොස්ගොඩ හතරමංසන්දියේ සිදුවූ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

බලපිටිය කොස්ගොඩ හතරමංසන්දියේ දී ඊයේ (11) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටින පුද්ගලයෙකුයි.

ඔහු ත්‍රිරෝද රථයෙන් අහුන්ගල්ලේ සිට කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබුණා.

මෙහිදී තුවාල ලබා ඇත්තේ කලුදුර නිමුතු අභිෂාන් අභය ද තාබ්‍රෙව් (රන් මහත්තයා) නමැති කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

තුවාල ලැබූ මේ වන විට බලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලීසිය සිදුකරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෙඩිතැබීම දැනට විදේශගතව සිටින ‘ෂාන් මල්ලි’ යන අය විසින් මෙහෙයවා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය ත්‍රිරෝද රථයේ හිමිකරු වන බාලේ නැමැත්තා ඉලක්ක කර ගෙන සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

නමුත් එම ප්‍රහාරය එල්ල කරන විට එහි ගමන් කර ඇත්තේ බාලේ නැමැත්තාගේ ඥාති පුත්‍රයෙකු වූ තුවාල ලැබූ නිමුතු අභිෂාන් යන අයයි.

මීට වසර දෙකකට පමණ පෙර ද බාලේ නැමැත්තා ඉලක්ක කර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එදිනද ඔහු ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Tags