දේශීය පුවත්
ජුනි මසදී නිල සංචිත වත්කම් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජුනි මස නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6080ක් ලෙස දැක්වෙනවා.
2025 මැයි මස මෙම අගයේ පැවතියේ ඩොලර් මිලියන 6286ක් ලෙසිනි.
ඒ අනුව පසුගිය ජුනි මස තුළදී මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 3.3%කින් එනම් ඩොලර් මිලියන 206කින් පහළ ගොස් තිබෙනවා.
ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ සඳහා රධාන වශයෙන් විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 6,231 සිට ඩොලර් මිලියන 6,023ක් දක්වා පහත වැටීම හේතු වී ඇති බවයි.
