දේශීය පුවත්
සිනිමෝදර මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බවට සැකපිට ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු අත්අඩංගුවට
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික විශාල මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.
පසුගිය දිනවලදී සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිසිය සාර්ථක විය.
විදෙස් රටක සිට විශාල ටෝලර් යාත්‍රාවකින් මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය, කුඩා ධීවර යාත්‍රාවක් හරහා දිවයිනට ගෙන ආ බවට පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, එම ධීවර යාත්‍රාවේ හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකරනු ලබයි.
