විදෙස් පුවත්
ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ විදී බසී
ඊශ්‍රායල වාසිය එරට අගනුවර වන ටෙල් අව්ව්හි ඊයේ (28) රාත්‍රියේ නැවත වරක් දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පලස්තීනයට එරෙහිව යුද්ධය අවසන් කරන ලෙසත් හමාස් සංවිධානය භාරයේ සිටින තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගෙන්වා දෙන ලෙස ඊශ්‍රායල රජයට බලකරමින් මෙම විරෝධතා පවත්වන බවයි.
2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් ආරම්භ වුණා.
එදින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1200 කට අධික පිරිසක් මියගියා.
ඒ සමඟ තවත් 251 දෙනෙක් හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගත්තා.
කෙසේ වෙතත් හමාස් සංවිධානය සමඟ ඇතිකරගත් ප්‍රාණ ඇපකරු හුවමාරුවකදී ඔවුන්ගෙන් පිරිසක් නිදහස් වූණා.
විරෝධතාකරුවන් වැඩිදුරටත් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 136 දෙනා නිදහස් කර දෙන ලෙසයි.
