දේශීය පුවත්
නාමල්ට එරෙහි නඩුවක් කල් යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන සැප්තැම්බර් මස 26 වනදා නැවත කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළා.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමගාමෙන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි විශ්වාසය කළ කළ බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර සිටින විත්තිකර නාමල් රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට අදාළව ලැයිස්තුගත කර තිබෙන ලේඛනවලට පරිබාහිර ලේඛන ගණනාවක් ලබාදෙන ලෙස විත්තිය විසින් ඉල්ලා තිබෙන බවයි.
එම ලේඛන ලබාදීම සඳහා කල් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙනවා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුගේ ප්‍රකාශයේ කොටසක් තමන්ට ලැබී තිබෙන බවත් එහි සම්පුර්ණ පිටපතට අවශ්‍ය බවත්ය.
මේ අනුව විත්තිය ඉල්ලා සිටින ලේඛන ඔවුන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළ විනිසුරුවරයා පසුව නඩුව සැප්තැම්බර් මස 26 වනදා කැඳවන ලෙස නියම කළා.
අදාළ දිනට මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
