සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් “රක්නා” සමාගමට පැවරීමට සැලසුම්

මෙරට අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු “රක්නා” ආරක්ෂක ලංකා සමාගමට පවරන සැලසුමක් ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයට ලක්ව තිබේ.

ඒ සඳහා ඇති හැකියාව සහ ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේද පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙහිදී “රක්නා” ආරක්ෂක ලංකා සමාගමේ විශේෂඥතාව භාවිතා කරමින් අධිවේගී මාර්ග ජාලයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට හැකි ආකාරය තක්සේරු කරනු ලැබීය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.

එම අවස්ථාවේදී විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල වැන්දඹු හා අනත්දරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලු පිළිබඳවද සාකච්ඡා කරනු ලැබීය.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, විෂයානුබද්ධ අමාත්‍යාංශ නිලධාරීන් සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ එක්ව පවතින පරිපාලන අභියෝග විමර්ශනය කරමින්, ප්‍රතිලාභීන්ට කඩිනම් සේවා ලබාදීමට නව වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

Tags