සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රංගේ බණ්ඩාරගෙන් සඳුදාට පිළිතුරු

වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට ලබන සඳුදා පිළිතුරු ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
 
ඔහු විසින් මේ බව සඳහන් කර සිටියේ අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි.
 
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තවත් වසර දෙකක් දක්වා කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පසුගිය දිනෙක සඳහන් කරන ලද අතර එයට පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වීම සිදුවිණ​.
Tags