සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අස්වැසුම මුදල් වංචා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියක් පොලිස් අත්අඩංගුවට

අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියක පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කළමනාකරණ සේවා නිලධාරීනියකි.

සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇති බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කිරීමට නියමිතයි.

Tags