සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපති ජර්මනියේ ලාංකික ප්‍රජාව අතර හමුවක්

ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 13 වනදා පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුව තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුව සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තීකයන් රැසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ශ්‍රී ලාංකිකයන් විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.

සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.

තවද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා බිඳ වැටී ඇති රාජ්‍ය නැවත ගොඩනැගීම සඳහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බව පෙන්වා දී ඇති බව සඳහන්.

Tags