සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස ඉල්ලා අස්වීම භාරදී ඇති බව සඳහන්.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු කෙරෙහි වත්මන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව රටපුර බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිතයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩ තහනමට ලක් කිරීමත් සමඟ එහි වැඩ බැලීම සඳහා ධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන නිශාන් ධනසිංහ මහතාව පත් කෙරුණා.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත්කර තිබෙනවා.

අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක සිදුවීමක් වාර්තා වීමෙන් අනතුරුව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

Tags