සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ප්‍රකාශයක් ලබාදීම සඳහා රනිල් ලබන 11 වනදා CIDය හමුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දැනුම් දී තිබෙනවා.

ඖෂධ ගෙන්වීම පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මීට පෙර අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම පැමිණිල්ලට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමට අදාළව හිටපු ජනාධිපතිවරයාගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි.

Tags