සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තරකර තිබෙනවා.

එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බවද තොරතුරු වාර්තා වනවා.

මෙහිදී අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරික්ෂා කර ගමන් මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරික්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළු වීම සඳහා අවසර හිමිව ඇති බවද සඳහන්.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපල පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

Tags