සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

BREAKING – ඉන්ධන මිල බසී

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සුත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.

මේ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 299ක් වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව ලීටරයක මිල රුපියල් 283කි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 313කි.

කෙසේ වෙතත් ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවද වාර්තා වනවා.

Tags