දේශීය පුවත්
ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන ඔක්තෝබර් මස 14 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
මීට අමතරව, සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට බන්ධනාගාර රෝහලේදී මෙන්ම අනෙකුත් රෝහල්වලදී ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක්ද නිකුත් කර ඇත.
