දේශීය පුවත්
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කළේ ඉරෝශිකා චතුරංගනී නම් කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති බවයි.
මේ වන විට ඇය ප්‍රතිකාර ලබාදෙමින් ඇති බවද තානාපතිවරයා සිය සටහනෙන් පෙන්වා දෙනවා.
එම සටහනෙන් වැඩිදුරටත් තානාපතිවරයා සඳහන් කරන්නේ ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බවයි.
