දේශීය පුවත්
Starlink දැන් ශ්‍රී ලංකාවේ – ඊලොන් මස්ක් X සටහනක් තබමින් කියයි
Starlink අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ “X” ගිණුමෙහි සටහන් තබමින් පවසනවා.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා පුද්ගලික සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම්කරු බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය වසරේ අගෝස්තු මස 14 වනදා කටයුතු කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙනම් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා ලෝකයේ ඕනෑම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට මෙමඟින් හැකියාව හිමිවනු ඇති.
