දේශීය පුවත්
ශ්‍රී ලංකා අපනයන අංශයේ ශක්තිමත් වර්ධනයක්
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 12,986.52 ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසනවා.
2025 සැප්තැම්බර් මාසයේ දී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන අගය ඩොලර් මිලියන 1,469.75 ක් දක්වා ළඟා වී ඇති බවත්, එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.33% ක වර්ධනයක් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13ට ළඟාවීම, අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියක් බවත්, අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට විශ්වාස කරන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සඳහන් කර සිටියේ.
