දේශීය පුවත්
වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මෙහිදී සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි.
මේ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය හෙට (11) දින ස්ථිර මහේස්ත්‍රාත් හමුවේ කැඳවන ලෙසද නියම කළා.
මහේස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ එතෙක් සැකකරු හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
