දේශීය පුවත්
38 වන සමස්ත ලංකා පාසල් ක්රීඩා උළෙල අනිද්දා ආරම්භ වේ
38වන සමස්ත ලංකා පාසල් ක්රීඩා උළෙල 2025 ඔක්තෝබර් 10 සිට 14 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී පැවැත්වීමට සූදානම් කර ඇත.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් සමාරම්භක උත්සවය සිදු වීමට නියමිතය. තරගාවලියේදී කණ්ඩායම් තරග 31ක් සහ ජවන හා පිටිය මලල ක්රීඩා තරග රැසක් සංවිධානය කර ඇත.
දිවයින පුරා පාසල් 1,170ක දරුවන් 15,000 ක් සහභාගී වන අතර, මලල ක්රීඩා තරග සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 5,000 ක් තරඟ වැදීමට නියමිතව සිටී. සමාප්ති දිනයේ ජයග්රාහක ක්රීඩක ක්රීඩිකාවන්ට ජය සංඛේත, පදක්කම් සහ සහතික ප්රදානය කිරීමට සිදු කිරීමට සැලසුම් කර ඇත.
