දේශීය පුවත්
මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද (08) ආරම්භ වනවා.
සැසිවාරය අද (08) සිට ලබන ඔක්තෝබර් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙක් සමඟ ජිනීවා නුවර දී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
