සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හොරට පාකින් ටිකට් කැඩූ ජාවාරමක් පොලීසියට හසුවෙයි

හබරාදුව පිල්ලිගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා මුදල් අයකළ පුද්ගලයින් තිදෙනෙක් උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙලෙස වාහනවලින් මුදල් අයකර ඇති බවයි.

උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

මෙහිදී අනාවරණය වී ඇත්තේ බස් රථයක් ගාල් කිරීම සඳහා රුපියල් 1500ක මුදලක් ද කාර් වෑන් ඇතුළු අනෙක් රථවාහන ගාල් කිරීමට රුපියල් 1000ක් ලෙස අයකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 35 සහ 41 යන වයස්වල පසුවන්නන් බව සඳහන් වනවා.

සැකකරුවන් හබරාදූව පොලීසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් අද (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Tags